රට සුද්ධ කරන පොලිස් මෙහෙයුමෙන් පුද්ගලයන් සිය ගාණක් අත්අඩංගුවේ
දිවයින පුරා ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකරන විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ දින පවත්වා ඇත.
එහිදී එම ආරක්ෂක අංශවල සාමාජිකයින් 6,141 දෙනෙකු සම්බන්ධ වී සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී පුද්ගලියින් 23,231 දෙනෙකු, වාහන 9,459 සහ යතුරුපැදි 7,019ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබෙන බව වාර්තා වේ.
එසේම මෙම වැටලීම්වලදි මත්ද්‍රව්‍ය පිළිබඳව පුද්ගලයින් 881 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකුද වරෙන්තුකරුවන් 389 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
එසේම මෙහිදී නීති විරෝධී ගිනිඅවි 04ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර මෙහෙයුම් අතරතුරදී රථවාහන වැරදි සම්බන්ධවද මෙහෙයුම් පුළුල් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 97 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
තවද අපරික්ෂාකාරී ආකාරයට රිය ධාවනය ඇතුළු වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,314කට නෛතික පියවර ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

ජනාධිපති අරමුදලෙන් මැති ඇමතිලා අම්මා මුත්තා පවා ඉගෙන ගන්න රට යවලා, ලිස්ට් එකයි ගණන් ටිකයි දැක්කම බඩ පපුව දනවා
