ජනාධිපති අරමුදලෙන් මැති ඇමතිලා අම්මා මුත්තා පවා ඉගෙන ගන්න රට යවලා, ලිස්ට් එකයි ගණන් ටිකයි දැක්කම බඩ පපුව දනවා[VIDEO]

Report

මැති ඇමතින්ගේ දරුවන් සහ හිතවතුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් විදේශීය විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය හෝ වෙනත් වැඩිදුර අධ්‍යාපනයට අරමුදල් ලබා දී ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කරයි. ඒ අනුව අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (05) දින පාර්ලිමේන්තුවේදීයි.

මෙහිදී එසේ මුදල් ලබාගත් නාමයන් සහ සංඛ්‍යාලේඛන තොරතුරු ද ඔහු සභාගත කිරීමට කටයුතු කළ බව සඳහන්.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

එසේම වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

''මේ අරමුදලින් ජනාධිපතිවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට එහෙම නැත්නම් ඥාතීන්ට, හිතවතුන්ට 2005 වර්ෂයේ පසුව ජනාධිපති අරමුදල ලබාදීලා තියෙනවද කියන එක සම්බන්ධයෙන්. ඔව් ලබාදීලා තියෙනවා. 2005 වසරේ සිට 2014 වර්ෂය දක්වා ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාදීපු පුද්ගලයන් හා ඒ පිළිබඳ තොරතුරු මම සභාගත කරනවා. ඒ අතරින් කිහිපයක් මේ සභාවේ දැනගැනීම සඳහා මම ඉදිරිපත් කරන්න කැමතියි. එක් එක් අ පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතාවය කුමක්ද කියන එක සම්බන්ධයෙන් 2005 දී දේශපාලනඥයාගේ නම සරත්චන්ද් ර රාජකරුණා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික්කය දරුවාගේ නම හර්ෂණ සුපුන් රාජකරුණා ශිෂ්‍යත්වයේ වටිනාකම මම සභාගත කරනවා. 2006 දී කරුණාසේන කොඩිතුවක්කු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කය දරුවාගේ, ඥාතියාගේ හෝ හිතවතාගේ නම අයිඑම් කොඩිතුවක්කු. 2006 දී බී රාධා ක්‍රිෂ්ණන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ලැයිස්තුව. ශිෂ්‍යත්වලාභියා වෙන්නේ කේ රාධ ක්‍රිෂ්ණන් මහත්මිය. 2006දී දේශපාලන සබඳතා මත දිනේෂ් දොඩංගොඩ නැමැත්තාට ශිෂ්‍යත්වය ලබා දීලා තියෙනවා.

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

ඒ වගේම 2006 දී කේ.කේ.කේ.කේ.කේ පරණවිතාන යන අයට අ ශිෂ්‍යත්වය ලබාදීලා තියෙනවා. ඒ වගේම මේ කාරණයත් එක්ක 2005 සිට 2014 දක්වා, 2005 දී හැත්තෑ තුන් මිලියන හාර ලක්ෂ තිස්පන්දහස් හාරසිය හයයි සත හැට එකක් ලබාදීලා තියෙනවා. 2006 දී හැටපන් මිලියන දහනවදහස් අටසිය අනූ හතක් ලබාදීලා තියෙනවා. 2007 දී 42 දෙනෙකුට තිස්තුන් මිලියන තුන්ලක්ෂ හතලිස් දාස් හත්දහස් හත්සිය අසූ තුනක් පමණ ලබාදීලා තියෙනවා. 2008 දී 18 දෙනෙකුට එකොළොස් මිලියන පනස් පන්දාස් දෙසිය පනහක් ලබාදීලා තියෙනවා. 2009 දී 04 දෙනෙකුට තුන් මිලියන නවලක්ෂ පනස් දෙදහස් නවසිය හයක් ලබාදීලා තියෙනවා. 2010 දී 03 දෙනෙකුට තුන් මිලියන හාරලක්ෂයක් ලබාදීලා තියෙනවා. 2011 දී දෙදෙනෙකුට එක් මිලියන හය ලක්ෂයක් ලබා දීලා තියෙනවා. 2012 දී දෙදෙනෙකුට තුන් මිලියන දෙලක්ෂ තිස් දහස් දෙසිය තිස් අටක් ලබා දීලා තියෙනවා. 2014 දී එක් පුද්ගලයෙකුට ලක්ෂ හතක් ලබා දීලා තියෙනවා. මේ අනුව ජනාධිපති අරමුදලේ මුදල් පොත් පරීක්ෂා කිරීමේදී ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට ඒ වගේම ඥාතීන්ට, හිතවතුන්ට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දීලා තියෙන බව නිරීක්ෂණය වෙනවා. ඒ වගේම අනිත් අයගේ තොරතුරු දීර්ඝ ලේඛනයක් තියෙන්නේ, මේක මම සභාගත කරනවා.'' 

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න