ධීවරයන්ටත් වාසි ගොඩක් එක්ක මෙන්න අලුත් රක්ෂණයක්

Advanced Agri Farmers Mission Sri Lanka Fisherman Money Sinhala news Breaking News
By Kaushi Aug 05, 2025 11:19 AM GMT
Kaushi

Kaushi

Report

කරදිය සහ මිරිදිය යන ක්ෂේත්‍ර දෙකෙහිම කිමිදුම් කටයුතුවල නිරත වන ධීවර ප්‍රජාව ඉලක්ක කරගත් නව හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම රක්ෂණාවරණයෙන් ධීවර රැකියාවේ නිරතව සිටියදී අයහපත් කාලගුණය වැනි හේතු නිසා හෝ වෙනත් ඕනෑම හදිසි අනතුරකින් සිදුවන ජීවිත හානි සහ ශාරීරික අකර්මණ්‍යතාවන් ආවරණය කරන බව සඳහන්.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

එසේම ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවකදී සිදුවන අහඹු අනතුරකින් පවා මෙහිදී වන්දි හිමිවීම විශේෂත්වයක්.

ඒ අනුව රුපියල් 2,000ක වාර්ෂික වාරිකයක් ගෙවීමෙන් මෙම රක්ෂණයට ඇතුළත් විය හැක. රක්ෂණයෙන් හදිසි අනතුරු මරණයකදී රුපියල් ලක්ෂ 12ක (1,200,000) වන්දියක් හිමි වන බව වාර්තා වේ.

එමෙන්ම පූර්ණ හෝ තාවකාලික අකර්මණ්‍යතා, එක් ඇසක් හෝ එක් ගාත්‍රයක් අහිමිවීම සහ කථනය සම්පූර්ණයෙන් අහිමිවීම වැනි අවස්ථාවලදී ද ඉක්මන් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සකසා තිබෙනවා.

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

කෙසේ වෙතත් මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ධීවර රැකියාවේ නියුතු අයට මහත් පිටිවහලක් වනු ඇති බවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.

මේ වන විට විවිධ කෘෂිකාර්මික ක්ෂේත්‍ර වෙනුවෙන් රක්ෂණ ක්‍රම රැසක් හඳුන්වා දී ඇති එම මණ්ඩලය, ධීවර ජනතාව සඳහා හඳුන්වා දුන් නවතම සහ සුවිශේෂී වැඩසටහන මෙය වේ. 

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

ReeCha