අහඹු PCR වැඩිකෙරේ

covid19 PCR test delta variety municipal council colombo Ruwan Vijemuni
By Sewvandhi Jun 19, 2021 03:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සමාජයෙන් හඳුනාගෙන ඇති බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. ඔහු පවසන්නේ එම කොවිඩ් ප්‍රභේදය ඉතා බහුල ලෙස ව්‍යාප්ත වන බැවින් ඉතා ප්‍රවේශම් විය යුතු බවය.

“ඩෙල්ටා ප්‍රභේදය සමාජය තුළින් වාර්තා වී ඇති මෙම අවස්ථාවේ මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා දැනට පනවා ඇති සංචරණ සීමාවන් ඉතාමත් වගකීමෙන් පිළිපඳින්න. ඒවාට අනුගත වෙන්න. සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙන්න. එසේ නොවුනහොත් ඔබටත් ඔබගේ හිතවතුන්ටත් ආදරණීයන්ටත් මේක වැලඳෙන්න පුළුවන්. මොකද ඩෙල්ටා ප්‍රභේදය 50 ගුණයකට වැඩි වේගයකින් පැතිර යෑමේ අවධානමක් තිබෙනවා.“

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුවන් විජේමුණි මහතා මේ බව කියා සිටියේය. ඩෙල්ටා වෛරස ආසාදිතයින් හඳුනාගැනිම සඳහා කොළඹ ප්‍රදේශයේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“කොවිඩ් -19 නව ආසාදිතයින් සොයා මේ දිනවල කොළඹ නගරය පුරාවට අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා. මේ ප්‍රතිඵලවල ප්‍රතිඵලයක් ලෙස අපිට දෙමටගොඩ ආරාමය පෙදෙසේ 66 වත්තේ, රෝගීන් හඳුනාගැනීමට පුළුවන් වුණා. ඒ රෝගීන් අතරින් එක් අයෙක් පිළිබඳව මීට දින 4කට පෙර යම් සැකයක් මතුවුණා. ඔහුට ඩෙල්ටා වෛරසය ද ආසාදනය වී ඇත්තේ කියලා. එම සාම්පලවලින් සිදුකරන ලද ජානමය පරීක්ෂාව තුළින් ඒ සැකය ඇති වු වහාම එම ප්‍රදේශය සම්පූර්ණයෙන් ම දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලට අමතරව සම්පූර්ණයෙන් ම ලෝකඩවුන් කළා. ඉන් පසුව තවත් ඒ පිළිබඳ කරන ලද පරීක්ෂණවලින් එම වත්තේ සිව්දෙදෙනකුට ආසාදිත බවට හඳුනාගත්තා.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now