ඉල්ලා අස්වූ ජනපති ලේකම් යලි කරලියට... ප‍්‍රබලයන් රැසකගේ දුෂණ-චංචා ෆයිල් එළියට.

Sri Lanka Political Gotabaya Rajapakshe Gamini Senarath Pb jayasundara
By Aruna Jan 19, 2022 04:51 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපතිවරයා ගේ හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට සූදානමක් ඇති බවට ඩේලිමිරර් පුවත්පත වාර්තා කරනවා.

ජයසුන්දර මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් එල්ල වූ බලපෑම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූයේ දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරමින් වීමද විශේෂත්වයක්.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු රජයේ ඉහළ පෙළේ කිහිප දෙනෙකුගේ දූෂණ වංචා පිළිබඳව ප‍්‍රබල හෙළිදරව් කිහිපයක්ම සිදු කර ඇතැයි ද වාර්තා වන බව අදාල පුවත් පත හෙළි කරයි.

නව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කල ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකවරයා ලෙස අද දින වැඩ භාර ගත්තේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now