කලින් ගෙවපු බද්ධ විශාල ගණනකින් අඩුවෙලා - ඔබේ වැටුප අනුව ගෙවිය යුතු බද්ද මෙන්න..

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ දැනුම් දුන්නේය.

එහිදී ජනාධිපතිවරයා උපයන විට අයකෙරෙන බදු සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව දැනුම්වත් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවය මත උපයන විට බදු අයකෙරෙන අවම සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි, ජනාධිපතිවරයා පැවසුවේ.

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් සතුටුදායි පණිවිඩයක්..! ආයෙත් කවුරුත් බය වෙන්න අවශ්‍ය නෑ

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් සතුටුදායි පණිවිඩයක්..! ආයෙත් කවුරුත් බය වෙන්න අවශ්‍ය නෑ

ඒ අනුව රුපියල් 150,000ක මාසික වැටුපක් හිමි අයෙක් උපයන විට බද්දෙන් 100%කින් නිදහස් වෙයි. රුපියල් 150,000ක වැටුපක් ලබන පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 3,500 ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව උපයන විට බදු ගෙවිය යුතු වන්නේ නැත.

රුපියල් 200,000ක වැටුපක් හිමි පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 10,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු වන්නේ රුපියල් 3,000ක මුදලකි.

රුපියල් 300,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් රුපියල් 35,000ක් උපයන විට බදු ලෙස ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු මුදල රුපියල් 18,500 දක්වා අඩුවෙයි.

හිටපු ජනපති රනිල් කවුරුත් පුදුම කරමින් නිවේදනයක් නිකුත් කරමින්ම සිදුකළ දේ..

හිටපු ජනපති රනිල් කවුරුත් පුදුම කරමින් නිවේදනයක් නිකුත් කරමින්ම සිදුකළ දේ..

එමෙන්ම රුපියල් 500,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් උපයන විට බදු ලෙස රුපියල් 106,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය මගින් ගෙවීමට නියමිතව ඇත්තේ රුපියල් 86,000ක් පමණි.

………………………………………………………………………………………