අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම්ට විශේෂ නියෝගයක්.. (UPDATE)

CID - Sri Lanka Police
By Wayomi Dec 01, 2023 07:14 AM GMT
Wayomi

Wayomi

Report

UPDATE :

අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු එළැඹෙන 13 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

-----------------------------------------------------------------

දේවගැති ජෙරම් CID අත්අඩංගුවට.

දේවගැති ජෙරම් ප්‍රනාන්දුව අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු අද (01) ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුවයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඊයේ දිනයේ (30) දිනයේ සිදුකළ දැනුම්දීමට අනුවයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද ලංකාවට.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද ලංකාවට.


ඔහුගෙන් ඊයේ දිනයේත් පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගත් බවයි වාර්තා වන්නේ.

බුදු දහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ උදෑසන එලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.  

ReeCha