පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය ඉහළට..?

By Sithumi Oct 29, 2022 12:04 PM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්‍ෂණ මුදල රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේ දී කතානායකවරයා මේ බව දැනුම් දී ඇත.  

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන වෛද්‍ය රක්ෂණය රුපියල් ලක්ෂ දෙකකි. පවතින ආර්ථික තත්ත්වය මත සියලුම වෛද්‍ය සේවා ගාස්තු ඉහළ ගොස් ඇති නිසා අදාළ රක්ෂණ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි මන්ත්‍රීවරුන් පෙන්වා දීම මත කතානායක වරයා මෙම තීරණය ගෙන තිබේ.