පාර්ලිමේන්තු කටයතු පිලිබඳ කාරක සභා රැස්වීමක් අද
By Hashini
අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේ රැස්වීමක් අද පැවැත්වෙනවා.
එය වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී ලබන 08 සහ 09 දිනවල පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ තීරණය කිරීමට නියමිතයි.
රැස්වීම පෙරවරු 9.30 කැඳවා තිබෙනවා.
මෙම රැස්වීමේදී බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිලිබඳ විවාදයේ දෙවන දිනයද තීරණය කෙරෙනු ඇති.
එහි පළමු විවාදය පසුගිය මස 10 වනදා පැවැත්වුණා.
බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව ජනපතිගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයාට යොමු කිරීමට පසුගියදා පියවර ගනු ලැබුවා.