පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය විවාදය දෙවනවර කියවීමේ දෙවන දිනය අද [VIDEO]
2027 වසර සඳහා වන අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අද (14) ක්‍රියාත්මක වේ.
ඒ අනුව, අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ විවාදය ඊයේ (13) ආරම්භ වූ අතර, එය නොවැම්බර් 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිතය.
අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න
දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ. එම ඡන්ද විමසීමෙන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ.
එම විවාදය දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, 2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම එදින පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලදී ද අයවැය විවාදය පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් සෑම දිනකම පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.