පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 02ක් ගැන, ජනපති දැඩි තීන්දුවක් ගන්න යයි? කරපු වැඩක් මාට්ටුයි..CCTV දර්ශන පෙළකුත් ජනපති අතට !!!

Sri Lanka Parliament Political Gotabaya Rajapakshe Madura withanage Arundika prnandu
By Aruna Jan 19, 2022 12:02 AM GMT
Aruna

Aruna

Report

දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මෙරට අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා සිටි ක්‍රිෂාන් පීරිස් නැමැති එතනෝල් ජාවාරම්කරු හට හොර රහසේ ලංකාවට පැමිණීමට පහසුකම් සැපයූ රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ රජයේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉතා දැඩි තීරණයක් ගැනීමට සූදානම්ව සිටින බව වාර්තා වනවා.

මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා අදාළ වරෙන්තු කරු ලංකාවට කැඳවාගෙන පැමිණ ඇත්තේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ බවටයි වාර්තා වන්නේ.

ඩුබායි රාජ්‍යයේ පැවැති එක්ස්පෝ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ නික්ම ගිය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ නැවත පැමිණීමේ දී අදාළ වරෙන්තුකරු සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව අදාල වරෙන්තුකරු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හට භාර දී ඇති අතර ඔහු මෙම වරෙන්තුකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඔහුට ඇප ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිෂාන් පීරිස් නැමැති මෙම වරෙන්තුකරු ලොව සුප්‍රකට මත්පැන් සන්නාම සහිත බෝතල් වලට වර්ණ ගැන්වූ ජලය පුරවා එම බෝතල් විදේශයන්ට ප්‍රති අපනයනය කිරීම සම්බන්ධයෙන්යෙන් සහ එතනෝල් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙක්.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහුට එරෙහිව විමර්ශන දියත් කොට ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබුණා.

මේ අතර වාරයේ අදාල එතනෝල් ජාවාරම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ උසාවිය මග හරිමින් විදෙස් රටකට පලාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරිට නියෝග කර තිබෙනවා.

මේ වන විටත් මෙම සිද්ධියට අදාළ සම්පුර්ණ සිදුවීම පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට යොමු කර ඇති බවට වාර්තා වන අතර ඒ සමග එම සිද්ධිය ඇතිවූ අවස්ථාවේ ගුවන්තොටුපල සීසීටීවී දර්ශන සියල්ල ද ලබාදී ඇති බවටයි පැවසෙන්නේ.

ඒ අනුව මෙම සිදුවීම් මාලාවට මැදිහත් වූ රාජ්‍ය අමාත්‍යවරයා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා සම්බන්ධයෙන් නුදුරේදීම දැඩි තීරණයක් ජනාධිපවරයා විසින් ගනු ඇති බවටයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now