විපක්ෂයට සැර වුන කතානායක.. (VIDEO)

By krishani Dec 02, 2022 07:13 AM GMT
Report

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත්, තේරුම් විරහිත මාතෘකා විවාදයට ගැනීම හේතුවෙන් සභාවේ වටිනා කාලය නිස්කාරණයේ නාස්ති වන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (02) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"ඔබතුමාලා දන්නවා සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක නවත්වන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ නෑ. ඒක ඉතා කනගාටුවට කාරණයක්. කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවෙයි ඔබේ වගකීම. ඉතාමත් අශෝභනයි විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය." යනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල වෙත කතානායකවරයා පැවසීය.

විඩියෝ අයිතිය - අද දෙරණ