පඬු කරඳ ගස සම්බන්ධයෙන් වන නඩුව අද (24) දින නැවත ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය විසින් කැඳවනු ලැබීය.
අද වන තෙක් පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවන ලදී.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි විසින් ගම්පහ අධිකරණයට මෝසමක් මගින් පඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස ඉල්ලමින් දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව අද (24) අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම මස 28 වන දින පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස අඩවි වන නිලධාරීන්ට නියෝග කරනු ලැබීය.
කෙසේ වෙතත්, පසුව උද්භිත උද්‍යානයේ නිලධාරියෙකු මගින් පර්යේෂණයක් පවත්වා ගස හඳුනාගැනීමෙන් පසුව සංරක්ෂණය සඳහා සුදුසු ස්ථානයකට යවන ලෙස ද නියෝග කර ඇත.