පාකිස්ථාන නිල නියෝජිතයෙකු තෙදින නිල සංචාරයකට ලංකාවට

Report

පකිස්තාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීමට පකිස්තාන ජනරජ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා අද (27) පස්වරුවේ තුන් දින නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළද, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබයි. හරූන් අක්තාර් ඛාන් මහතා සමඟ තවත් පකිස්තාන උසස් නිලධාරීන් 05 දෙනෙකු දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

ඔවුන් අද (27) දින පස්වරු 04.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK 654 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිහ.

ඔවුන් පිළිගැනීමට වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා ඇතුළු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණිහ.

සමසිරි සැමියා නිසා සංජානා නැවතත් බුකිය කලඹයි - ඇගෙන් සැර කතාවක්

සමසිරි සැමියා නිසා සංජානා නැවතත් බුකිය කලඹයි - ඇගෙන් සැර කතාවක්