අම්බලන්ගොඩ පෙර පාසලක් අසල වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත.
නිවස අසල කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් තුවාල පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.