හිටපු ඇමති අනුර ප්‍රියදර්ශනය යාපාට එරෙහි නඩුවක සාක්ෂි සටහන් කර ගනියි

Report

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බවට පවසමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් අනීතික ලෙස වැය කිරීම හේතුවෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ තවත් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද නඩුව අද (27) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. විභාගය අතරතුර, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා කැඳවීමට විනිසුරුවරයා නියම කළේය. චෝදනා අනුව, 2014 දෙසැම්බර් මස 26 සිට 2015 ජනවාරි 26 දක්වා කාලය තුළ, ගංවතුර ආධාර සපයන බව පවසමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රු. 6,146,110/- ක මුදලක් අනීතික ලෙස වැය කිරීම හේතුවෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට නීතිපතිවරයා සඳහන් කරයි.

මෙම චෝදනා යටතේ, අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව, චෝදනා පහක් යටතේ නඩුව ගොනුකර ඇත.

ආයේ බේරෙනවා බොරු - මුදල් ගෙවනවද නැද්ද අල්ලගන්න අලුත්ම පද්ධතියක්

ආයේ බේරෙනවා බොරු - මුදල් ගෙවනවද නැද්ද අල්ලගන්න අලුත්ම පද්ධතියක්