පාකිස්තානයට ලකුණු 134ක් ඉලක්කයක්

Report

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග මේ වනවිට පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් පළමු පන්දු ඕවරයේදී ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත යැවීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සමත්විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 08ක් රැස්කර ගෙන සිටි පැතුම් නිස්සංක දවා ගැනීමට ෂහීන් ෂා අෆ්රිඩි සමත්විය. ඉන් අනතුරුව කුසල් පෙරේරා ලකුණු 15ක් රැස්කරගෙන සිටියදී දවාගත්තේය.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

නායක චරිත් අසලංකටද පිටිය තුළ සාර්ථකවීමට නොදී ලකුණු 20ක් රැස්කර ගෙන සිටියදී පාකිස්තාන පන්දු යවනන් විසින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්විය. බංග්ලාදේශ තරගයේ සුපිරි පිතිහරඹයක නිතර වූ දසුන් ශානකට කිසිදු ලකුණු රැස්කර ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩදුන්නේ නැත.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

හුදකලා සටනක නිරතවූ කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 133ක් රැස්කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ රැඳී සිටීමට නම් අනිවාර්යෙන්ම මෙම තරග ජය ගතයුතු වන අතර යම් හෙයකින් මෙම තරගය පරාජය වුවහොත් ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවෙයි. 

මොනවා කරත් විදුලි සේවකයන්ට සෙතක් නැතිවෙයි,අසාධාරණ ඉල්ලීම් පිළිගන්නේ නැහැලු

මොනවා කරත් විදුලි සේවකයන්ට සෙතක් නැතිවෙයි,අසාධාරණ ඉල්ලීම් පිළිගන්නේ නැහැලු