ඉරානය වෙනුවෙන් පාකිස්ථානය පෙරට එයි

Pakistan Iran Nuclear Weapons Sinhala news Iran-Israel War
By Hashini Jun 17, 2025 05:59 AM GMT
Hashini

Hashini

Report

ඉරානය වෙනුවෙන් පාකිස්ථානය පෙරට එයි ඊශ්‍රායලය ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පාකිස්තානය සහතික වී ඇති බව ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු වන සහ IRGC ජෙනරාල් මොහ්සෙන් රෙසායි ප්‍රකාශ කළා.

රෙසායි මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ රූපවාහිනී සාකච්ඡාවකදී වන අතර, මේ වන විට වාර්තා වී ඇති පරිදි මරණ 248ක් සිදුවී ඇති අතර, ඉන් 230ක් ඉරානයෙන් සහ 18ක් ඊශ්‍රායලයෙන් වාර්තා වනවා.

රෙසායි ප්‍රකාශ කළේ “ඊශ්‍රායලය ඉරානයට න්‍යෂ්ටික බෝම්බයක් භාවිතා කළහොත්, ඔවුන් ඊශ්‍රායලයට න්‍යෂ්ටික බෝම්බයකින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට පාකිස්තානය අපට සහතික වී තිබෙනවා,”යනුවෙනි.

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

කෙසේ වෙතත්,මෙම ප්‍රකාශය පාකිස්තානය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවටද වාර්තා වනවා.

පාකිස්තානයේ න්‍යෂ්ටික අවි ගබඩාව ගැටුම් අතරතුරදී සඳහන් වූ පළමු අවස්ථාව මෙය නොවේ. වසර ගණනාවක් පුරා, පාකිස්තාන හමුදා නිලධාරීන් සහ දේශපාලඥයන් කිහිප දෙනෙකුම ආතතීන් උත්සන්න වූ අවස්ථාවලදී රටේ න්‍යෂ්ටික හැකියාව උපුටා දක්වා ඇත.

2025 අප්‍රේල් මස මුලදී, පාකිස්තානයේ අමාත්‍ය හනීෆ් අබ්බාසි ඉන්දියාවට විවෘතව න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමත් සමඟ ආතතීන් තියුනු ලෙස උත්සන්න විය.

ඔහු ප්‍රකාශ කළේ, පාකිස්තානයේ මිසයිල පද්ධති වන ඝෝරි, ෂහීන්, සහ ගස්නවි, න්‍යෂ්ටික යුධ ශීර්ෂ 130ක් සමඟ ඉන්දියාව සඳහා පමණක්’ තබා ඇති බවයි. පාකිස්තානයේ න්‍යෂ්ටික අවි 100-120ක් පමණ ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙම යුධ ශීර්ෂ ගුවන් යානා සහ භූමි පාදක මිසයිල මගින් යෙදවීම සඳහා නිර්මාණය කර ඇත.

දුම්රිය නවතී – පැය 48ක වර්ජනයක්

දුම්රිය නවතී – පැය 48ක වර්ජනයක්

සාම කාලවලදී, පාකිස්තානය යුධ ශීර්ෂ ඒවායේ ප්‍රහාරක පද්ධතිවලින් වෙන්ව ගබඩා කරනු ඇතැයි පුළුල් ලෙස විශ්වාස කෙරේ. න්‍යෂ්ටික අවි ගබඩාව පාලනය කරන මෙම විධිවිධාන ප්‍රසිද්ධියේ තහවුරු කර නොමැත. තවද, පාකිස්තානයේ න්‍යෂ්ටික අවි සඳහා යුරේනියම් (HEU) භාවිතා කරන බව විශ්වාස කෙරේ.

මෙම HEU නිෂ්පාදනය කරනු ලබන්නේ කහුටා සහ ගද්වාල්, පන්ජාබ් හි පිහිටි වායු කේන්ද්‍රාපසාරී පහසුකම්වලදීය. 2014 වන විට, මිලිටරි අරමුණු සඳහා HEU තොගය මෙට්‍රික් ටොන් 2.7 සිට 3.5 දක්වා ඇස්තමේන්තු කර ඇත. 

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

ReeCha