ජාතික රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාවයක්
කොවිඩ් - 19 ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පිරිසගෙන් සියයට 50ක් පමණ අද වනවිට ඔක්සිජන් අවශ්‍යතාවෙන් පසුවන බව විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කරුණු අණාවරණ කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසා සිටියේ මේ වන විට කොළඹ ජාතික රෝහල තුළ කොවිඩ් ආසාදිත බවට තහවුරු කළ රෝගීන් 200ක් පමණ සිටින බවය. “දැනට සුමාන දෙකකට පමණ පෙර මෙම සංඛ්‍යාව හිටියේ 100ක් පමණ.
සංචරණ සීමා පැනවීමත් එක්ක තමයි ඉස්සර 160 තිබුණ එක 100ක් දක්වා අඩුවුණේ. දැන් ඉතාම වේගයෙන් එම රෝගීන් සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. ඒ සමඟ ඔක්සිජන් ලබාදෙන්න ඕන රෝගීන් සංඛ්‍යාව අද 100ක්. ඒ කියන්නේ අද හරියට ම සියයට 50කට ඔක්සිජන් අවශ්‍ය වෙනවා ඒ අයට ජීවිතය පවත්වා ගැනීම සඳහා.
මේ රෝගය ඔබට බෝවීම අඩු කර ගැනීමට ඔබට ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි එන්නත ලබා ගැනීම දෙවැනි එක මුව වැස්මක් පැලඳ ගැනීම. එකට තේ බීම කෑම ගැනීම නිවැසියන් සමඟ පමණක් කරන්න. වායු සමීකරණය කළ කාමර තුළ මුව වැස්ම ගැළවීම ඉතා අනතුරුදායකයි.“
ප්‍රශ්නය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළ පරීක්ෂණයකට අනුව මේ වන විට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල සියයට30ක පමණ ප්‍රමාණයක් ඩෙල්ටා රෝගීන් ඉන්න බවට ආරංචියක් ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දෙන්න තියෙන වාර්තාව කුමක් ද? කොළඹ නගර සභාව -
"ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි - ඇත්තටම සුළු නියැදියක තමයි ඔය කියන සියයට 30ක් වගේ ඉන්නේ. දැන් දෙමටගොඩ ප්‍රදේශයේ ආරාමය, ඒ වගේම ඇල්බියන් ප්‍රදේශය වගේ තැන්වල තමයි සියයට 30කට වැඩි ප්‍රමාණයක් අපි කියන්නේ. එය මුළු කොළඹින් ම හමුවෙන්නා වු ආසාදිතයින් සියයට 30ක් කියන නිගමනයට එන්නට එම නියැදිය ප්‍රමාණවත් නොමැති බව මම කියන්න ඕනේ."