කෝවිඩ් රෝගීන් වෙනුවෙන් ස්වේච්ඡා සේවය සඳහා මා සූදානම් - "බදුල්ලට එන හිතවතී" කියයි (PHOTOS)
ඕෂධී හේවාමද්දුම කියන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්රයට පැමිණ රංගන ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනා හඳුනාගත් ශිල්පිනියක්. ඒ වගේම ඇය රූ රැජින කිරුළ දිනූ රූමතියක්. ඇය මහින්දාගමනය, ජූලි හතයි, අංජලිකා ඇතුළු චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වී තිබෙනවා.
එමෙන්ම ඇය වර්තමානයේදී දේශපාලඥවරියක් ලෙසද මහජන සේවයට කැප වී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ඕෂධී කලාකරුවන්ගේ පාර්ශවයෙන් විශාල දායකත්වයක් ලබාදුන්නා. ඒ වගේම ඕෂධී පසුගිය මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කළා. මහ මැතිවරණයේදී ඇය කාගේත් කතාබහට ලක්වුණේ “බදුල්ලට එන හිතවතී - ඇය සෙනෙහෙබර ඕෂධී” කියන පාඨය නිසා. කෙසේන්වෙතත් ඇය ඡන්දයෙන් පරාජයට පත් වුණා.
නමුත් විටින් විට ඔෂධී මහජන සේවයට කැපවුණු අවස්ථා සිය ෆේස්බුක් පිටුවෙන් මෙන්ම මාධ්‍ය තුළින්ද දකින්න ලැබුණා. මේ වෙද්දි කෝවිඩ් වසංගත තත්ත්වය රටම ආක්‍රමණය කර තිබෙනවානේ. ඉතින් මේ තත්වය හමුට්ටේ ඕෂධී ස්වේච්ඡාවෙන්ම සෞඛ්‍ය සේවයට පැමිණීමට සූදානම් බව පවසා තිබෙනවා.
ඇයගේ නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් යොදා ඇය පවසා සිටියේ “සෞඛ්‍ය සේවකයින් ගේ හිගයක් ඇති වුවහොත්, covid රෝගීන් වෙනුවෙන් ස්වේච්ඡා සේවය සඳහා මා සූදානම්.. ඔබ? යනුවෙන්