ශ්‍රි ලංකා මහ බැංකුවෙන් නියෝගයක්...
මෙරට පොලී අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී බැංකු වෙත නියෝගයක් නිකුත් කර තිබේ .
සියලුම ණය උපකරණ හා බැංකු තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතික සම්බන්ධයෙන් එම නියෝගය අදාළ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සඳහා සීමා (Upper Cap) පනවමින් 2020 අගෝස්තු 21 දින නිකුත්කර තිබූ නියෝගය ඒ අනුව එම නව නියෝගයත් සමඟ අවලංගු වී තිබේ .
ඒ අනුව ණය පොලී සීමා අහෝසි වනු ඇත.
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වන නව පොලී අනුපාතිකය කොපමණද යන වග මීළඟ බිල් දිනයේ දී දැනගත හැකි බවද එහි සඳහන් වෙයි.
මේ අතර බැං කු පද්ධතිය වෙත තැන්පතු ආකර්ශනයකර ගැනීම සඳහා තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාතික ප්‍රමාණවත් වන පරිදි ගලපන ලෙස ද මහ බැංකුව දැනුම් දී ඇත.
අදාළ නියෝගය ඊයේ (21) දින නිකුත් කර ඇති අතර එය පහතින් දැ ක්වේ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |