දිට්වා ව්‍යසනයට කොරියාවෙන් අත දෙයි - ඩොලර් 50,000ක මානුෂීය ආධාර

Report

“දිට්වා” සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට කොරියානු අපනයන - ආනයන බැංකුව (Korea Eximbank) කොරියානු රතු කුරුස සංවිධානය හරහා අමෙරිකානු ඩොලර් 50,000ක මානුෂීය ආධාර ලබාදීමට එකඟ වී ඇත.

මෙම ආධාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලබාදෙන බව වාර්තා වේ. ක්ෂණික සහන සැලසීම සහ ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා මෙම මුදල් යොදාගැනීමට නියමිතය.

කොරියානු අපනයන - ආනයන බැංකුවේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී කියොන් හ්වාන්ග් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සිය ශෝකය පළ කර ඇති අතර, ශ්‍රී ලංකා රජය සමඟ ඇති දිගුකාලීන හවුල්කාරිත්වය අගය කරන බවත්, අත්‍යවශ්‍ය පොදු පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ තාවකාලික නවාතැන්වල සිටින පවුල්වලට සහන සැලසීමට මෙම ආධාරයෙන් සතුටු වන බවත් අවධාරණය කර ඇත.

2026 අයවැයේ නිවාස ව්‍යාපෘති ප්‍රමාද නැතිව අවසන් කරන්න - ජනපතිගෙන් දැඩි නියෝග

2026 අයවැයේ නිවාස ව්‍යාපෘති ප්‍රමාද නැතිව අවසන් කරන්න - ජනපතිගෙන් දැඩි නියෝග

මෙම දායකත්වයත් සමඟ කොරියානු ජනරජයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සමස්ත මානුෂීය ආධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 550,000 දක්වා ඉහළ ගොස් ඇත.

“දිට්වා” සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 647 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් සිය ගණනක් අතුරුදහන් වී සිටින බව වාර්තා වෙයි. මෙම ආධාරය බලපෑමට ලක් වූ ප්‍රදේශවල ප්‍රතිසාධන කටයුතු වේගවත් කිරීමට දායක වනු ඇත.

කොළඹ කොටස් වෙළඳපොළේ නව අවුරුදු තෑග්ග - දර්ශක ඉහළටම

කොළඹ කොටස් වෙළඳපොළේ නව අවුරුදු තෑග්ග - දර්ශක ඉහළටම

පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණය ආපස්සට..

පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණය ආපස්සට..