සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක්
මෙක්සිකෝවේ දකුණුදිග ප්‍රාන්තයක් වන ගෙරේරෝ (Guerrero) කලාපයට රික්ටර් මාපක 6.5ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය සටහන් වී ඇත්තේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන අකාපුල්කෝ (Acapulco) නගරයට ආසන්න ගෙරේරෝ ප්‍රාන්තයේ සැන් මාකෝස් (San Marcos) නගරය ආසන්න ප්‍රදේශයේයි.
ප්‍රබල භූ කම්පනයක් වුවද, මෙතෙක් කිසිදු පුද්ගල මරණයක් හෝ බරපතළ තුවාල ලැබීමක් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බව බලධාරීහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, භූමිකම්පාව හේතුවෙන් සිදුවූ දේපළ හානි පිළිබඳව සොයා බැලීම සඳහා අදාළ අංශ විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.