සුසුම්නාවට හානි සිදුවූ කොවිඩ් ආසාදිතයෙකුට මහනුවර රෝහලේදී ශල්‍යකර්මයක්

Covid 19 Sri lanka
By Sithumi Jun 10, 2021 01:47 PM GMT
Sithumi

Sithumi

Report

කොස් කැඩීමට ගොස් ඉනිමගකින් ඇද වැටී සුසුම්නාවට බරපතළ හානි සිදුවී ඇති කොවිඩ්-19 වැළඳුණු පුද්ගලයෙකුට සාර්ථකව සැත්කමක් සිදු කිරීමට මහනුවර ජාතික රෝහලේ විකාලාංග ශල්‍ය වෛද්‍ය සුනන්ද උඩගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.

60 හැවිරිදි මෙම පුද්ගලයා ඉනිමගක ආධාරයෙන් කොස් කැඩීමට ගොස් ඇති අතර එහිදී කොස් ගෙඩියක් හිස මතට වැටී ඔහු ඉනිමගින් ඇද වැටී ඇත. අනතුරෙන් එම පුද්ගලයාගේ සුසුම්නාවට බරපතළ ලෙස හානි සිදු වී ඇති අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත්, එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. ඒ අනුව, රෝහලට ඇතුළත් කර ගැනීමට ප්‍රථමයෙන් සිදු කර ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති අතර පසුව ඒ බව තහවුරු කර ගැනීම සඳහා ඔහු පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජය ක‍ර තිබේ.

එහි ප්‍රතිඵල ද අනුව තහවුරු වී ඇත්තේ, මෙම පුද්ගලයා කොරෝනා ආසදිතයෙකු බවය. සැත්කම සිදු කළ මහනුවර ජාතික රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය සුනන්ද උඩගෙදර මහතා ප්‍රකාශ කළේ, සිදුවී ඇති අනතුරෙන් මෙම පුද්ගලයාගේ සුසුම්නාවට බරපතළ හානි වී ඇති හෙයින් ඔහුගේ පාද අප්‍රාණික තත්ත්වයට පත්ව තිබූ බවය. ඒ හේතුවෙන්, ඔහුව සැත්කමකට භාජය කිරීමට සිදු වූ බව ශල්‍ය වෛද්‍ය සුනන්ද උඩගෙදර මහතා පැවසීය.

එමෙන් ම, මෙම රෝගීයාට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ඔහුගේ රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය 80%ක් පමණ දක්වා පහත බැස තිබී ඇති අතර ඒ හේතුවෙන් රෝගියා නිර්වින්දනය කිරීමට නොහැකි අවදානම් තත්ත්වයක සිට තිබේ. කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැය තුනක පමණ කාලයක් ගත කර අදාළ රෝගියා සාර්ථකව සැත්කමට භාජනය කර ඇත.

විකාලාංග ශල්‍ය වෛද්‍ය සුනන්ද උඩගෙදර මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යය තත්ත්වයේ පසුවන රෝගියෙකුට සුසුම්නාවේ සැත්කමක් සිදු කිරීම එතරම් විශේෂ කාරණයක් නොවුව ද ඔක්සිජන් ප්‍රතිශතය අඩු මට්ටමක තිබියදී පුද්ගලයෙකු නිර්වින්දනය කර සැත්කමක් සිදු කිරීම අතිවිශේෂ කාරණයක් බව ය.

එමෙන් ම, රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය අඩුව තිබියදී සාමාන්‍යයෙන් මේ ආකාරයේ සැත්කමක් සිදු නොකරන බව ද හෙතෙම පැවසීය. ජූනි 8 දා සැත්කමට භාජනය කරන ලද මෙම පුද්ගලයා මේ වන මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන බවත් උඩගෙදර මහතා වැඩිදුරටත් පැවසුවේ