ONMAX DT සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව මෙන්න..

Business Mobile Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Aruna Oct 10, 2023 02:08 AM GMT
Aruna

Aruna

Report

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනුවලින් අමෙරිකානු ඩොලර් කෝටි 10ක් අයථා ලෙස ඉපයූ බව කියන ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් රුපියල් කෝටි 43ක මුදලක් ආයෝජනය කර ඇති අමෙරිකානු මූල්‍ය ආයතනයක ගිණුම් 08 ක් තවත් මාස 06 කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අමෙරිකානු සමාගමක් වෙත ඊයේ(09) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය අමෙරිකානු BINANCE.COM ප්‍රධාන විධායක නිලධාරියා වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීමට අධිකරණය නියෝග නිකුත් කෙරුණා.

මේ අනුව,

01.ධනංජය

02. ගයාන්

03. සම්පත් සඳරුවන්

03. ලේන දුවගේ රන්දික ජයතිස්ස

04. වික්‍රම පේලිගේ චන්ද්‍රකාන්ති

05. කහඳව ආරච්චිගේ අතුල

06. ඉන්දික සම්පත්

ONMAX DT(PVT)LTD හා ONMAX PTU LTD යන අයට හා සමාගම්වලට අදාළ ගිණුම් අත්හිටුවා තිබේ.

මෙම අමෙරිකානු මූල්‍ය සමාගම විසින් ආයෝජනය කරන මුදල මෙන් තුන් ගුණයක් ලබාදෙන බවට තොරතුරු අනාවරණය වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සඳහා පුද්ගලයන් ලක්ෂ ගණනක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි.

ReeCha