මත්පැන් ඔන්ලයින් ගෙන්වීම අවලංගු කෙරේ...
අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් තීරණය අත්හිටු වන බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මේ අනුව මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබූ එම යෝජනාව රජය විසින් අවලංගු කර ඇත.
මීට පෙර සැලසුම් කර තිබුනේ, සුපිරි වෙළඳසැල් හා තැබෑරුම් හරහා මාර්ගත ගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමටයි.
මේ අතර ඊයේ දිනයේ,සුපිරි වෙලෙදසැල් මගින් Online හරහා මත්පැන් අලෙවි නියමු ව්‍යාපෘතියකට අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙන බවට ප්‍රකාශ කළා.
ඒ කොන්දේසි කිහිපයකට යටත්ව බවයි සුරාබදු කොමසාරි ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා සඳහන් කළේ.
මේ වන විට සංචරණ සීමා පනවා තිබෙන නිසා Online ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා පළමුව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ලබා ගැනීම පළමුව සිදුකළ යුතුව ඇති බවයි ඔහු සඳහන් කළේ.
Online ක්‍රමය හරහා මත්පැන් අලෙවි කිරීමේදී කිසිදු අයුරකින් ප්‍රචාරණයක් සිදු කිරීම තහනම් බවත්, මත්පැන් අලෙවී කිරීමේදී එය සිදුකරන්නේ අවුරුදු 21කට වැඩි පාරිභෝගිකයින්ට බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම සිදුකළ යුතු බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඊයේ(16) සඳහන් කළා.
කෙසේ වෙතත් අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් තීරණය අත්හිටු වන බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |