යාපනය, තොල්පුරම් ප්‍රදේශයේ තරුණියින් දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Report

යාපනය, තොල්පුරම් ප්‍රදේශයේ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වඩ්ඩුකෝට්ටේ පොලිස් බලප්‍රදේශයට අයත් මෙම ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රී 11ට පමණ මෙම ඛේදවාචකය සිදුව ඇති බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කරන්නේ එකම ගම්මානයේ පදිංචි දෙදෙනෙකු අතර වසර කිහිපයක සිට පැවති පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.

ගම්බිම් බලා යන ජනතාවට අදත් මාකුඹුරෙන් නොකඩවා බස්

ගම්බිම් බලා යන ජනතාවට අදත් මාකුඹුරෙන් නොකඩවා බස්

සිද්ධිය වූ අවස්ථාවේ පිරිසක් ප්‍රදේශයේ දේවාලයක ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිට ඇති අතර, එහිදී තවත් දෙදෙනෙකු සමඟ පැමිණි සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇත.

පහරදීමෙන් තුවාල ලැබූ එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගිය අතර, තවත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

විදුලි සැපයුම සම්බන්ධයෙන් සුබ ආරංචියක් - ලංකාවට ලැබුණු දේ මෙන්න

විදුලි සැපයුම සම්බන්ධයෙන් සුබ ආරංචියක් - ලංකාවට ලැබුණු දේ මෙන්න

අත්අඩංගුවට ගත් සැකකරු අද (13) මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මියගිය පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර වඩ්ඩුකෝට්ටේ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.