උත්සව සමයේ විශේෂ වැටලීම් අඛණ්ඩව - පාරිභෝගික අධිකාරිය

Report

අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගික ජනතාව සුරාකෑම වැළැක්වීම සඳහා ආරම්භ කළ විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ පමණක් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කළ වෙළෙඳ ආයතන සම්බන්ධයෙන් වැටලීම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි.

සිංහල අලුත් අවුරුද්දේ වතුර කප්පාදුව ගැන දැනුම්දීමක්

සිංහල අලුත් අවුරුද්දේ වතුර කප්පාදුව ගැන දැනුම්දීමක්

නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය සහ තරාදි සොරකම් ඇතුළු විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම වැටලීම්වලදී දැඩි අවධානය යොමු කර තිබේ.

පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බවත්, උත්සව සමය නිම වන තුරුම මෙම මෙහෙයුම් දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බවත් අසේල බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න