සිංහල අලුත් අවුරුද්දේ වතුර කප්පාදුව ගැන දැනුම්දීමක්

Report

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට හෝ ජලය කපා හැරීමට පියවර නොගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

ජනතාවගේ උත්සව කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අදත් බස් රථ රැසක් ධාවනයට

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අදත් බස් රථ රැසක් ධාවනයට

කෙසේ වෙතත්, ලබන 15 වැනිදායින් පසු පවතින ජල ධාරිතාව සහ ජල සම්පාදන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සමාලෝචනයක් සිදු කර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බව ද මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

අලුත් අවුරුදු උදාවත් සමඟ මේ ලග්න වලට කිරියෙන් පැණියෙන් උතුරයි

අලුත් අවුරුදු උදාවත් සමඟ මේ ලග්න වලට කිරියෙන් පැණියෙන් උතුරයි