ගම්බිම් බලා යන ජනතාවට අදත් මාකුඹුරෙන් නොකඩවා බස්
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමනාකාර සහකාර ඩී.එන් වෙත්තසිංහ මහතා සඳහන් කරන්නේ, පසුගිය දිනවලට වඩා අද මගීන්ගේ යම් අඩුවක් දක්නට ලැබුණද, පැමිණෙන මගී සංඛ්‍යාව අනුව ඕනෑම ගමනාන්තයක් කරා බස් රථ යෙදවීමට තම කාර්ය මණ්ඩලය සූදානම් බවයි.
විශේෂයෙන්ම පවතින ඉන්ධන අර්බුදය හමුවේ සම්පත් අපතේ නොයන ලෙස ප්‍රමාණවත් මගීන් සංඛ්‍යාවක් සිටී නම් වහාම බස් රථ පිටත් කිරීමට පියවර ගන්නා බව ඔහු පවසයි.
තවද, හෙට (14) දිනයේ නෑගම් යන සහ බුලත් දීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය කිරීමට විශේෂ බස් රථ බලඇණියක් සූදානම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.