හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත විදේශීය හමුදා යාත්‍රා ළඟාවීම සටන් විරාමයක් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවයි.
ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එම හමුදාව අවධාරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඔවුන් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු නාවික හමුදාව විසින් අවහිර කර ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමකය.