අලුත් අවුරුදු උදාවත් සමඟ මේ ලග්න වලට කිරියෙන් පැණියෙන් උතුරයි

Report

අද, 2026 අප්‍රේල් 13 සඳුදා දිනයයි. මෙය මෙරට වැසියන්ට විශේෂ දිනයක් වන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට පෙර එළඹෙන පරණ අවුරුදු දිනය නිසාය.

ජ්‍යොතිෂ විද්‍යාවට අනුව අද දිනයේ ග්‍රහ ගෝචරය සහ රාශි ඵල සැකෙවින් මෙන්න

මේෂ

අලුත් අවුරුදු උදාවත් සමඟ ඔබට ඉතා කාර්යබහුල දිනයක් වනු ඇත. ආගමික වත්පිළිවෙත්වලට මුල්තැන දීමෙන් සහන සැලසේ.

වෘෂභ

මිශ්‍ර ඵල සහිත දිනයකි. අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතුය. නිවසේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමිවේ.

මිථුන

අද ඔබට ඉතා වාසනාවන්ත දිනයකි. අතපසු වූ වැඩ රාජකාරි නිම කිරීමට හැකිවන අතර හිතමිතුරන්ගෙන් උදව් උපකාර හිමිවේ.

කටක

රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරික කටයුතුවල පැවති බාධා ඉවත් වේ. පවුලේ සමගිය වර්ධනය වන දිනයකි.

සිංහ

දුර බැහැර ගමන් බිමන් යෙදිය හැකිය. දේව ඇදහිලි සහ ආගමික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.

කන්‍යා

සෞඛ්‍යය පිළිබඳව මදක් සැලකිලිමත් වන්න. තැන්පත් ධනය වැය වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

අද 1න් පසු සියල්ල උඩු යටිකුරු කරමින් කාලගුණය වෙනස් වෙයි

අද 1න් පසු සියල්ල උඩු යටිකුරු කරමින් කාලගුණය වෙනස් වෙයි

තුලා

හවුල් ව්‍යාපාරවලින් ලාභ හිමිවේ. සහකරු හෝ සහකාරිය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ.

වෘශ්චික

සතුරු කරදර මර්දනය වේ. එහෙත් සුළු සුළු රෝගාබාධ මතු විය හැකි බැවින් ආහාර පාන ගැන සැලකිලිමත් වන්න. ධනු: නිර්මාණශීලී කටයුතුවලට යහපත් වේ. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් යම් යම් පියවර ගැනීමට අවස්ථාව උදාවේ.

මකර

නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය මිලදී ගැනීමටත්, නිවසේ අලංකරණ කටයුතුවලටත් අද දිනය ඉතා යහපත්ය.

කුම්භ

සහෝදර සහෝදරියන් සමඟ පවතින සබඳතා ශක්තිමත් වේ. කෙටි ගමන් බිමන් බහුල වන දිනයකි.

මීන

කථාවෙන් අන් අය දිනා ගැනීමට හැකිවන අතර, මූල්‍යමය වාසි සැලසෙනු ඇත. රසවත් ආහාර පාන භුක්ති විඳීමට අවස්ථාව ලැබේ.

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක් - ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක් - ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම්දීමක්