ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අදත් බස් රථ රැසක් ධාවනයට

Report

අද (13) දිනට යෙදී ඇති අලුත් අවුරුදු පෙරමඟ සැමරුම් සමඟ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත බස් රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති සංජීව කනගරත්න මහතා සඳහන් කළේ, කොළඹ සිට පිට පළාත්වලට යන මගීන්ගේ සංඛ්‍යාව ඊයේ පස්වරුවේ සිට තරමක අඩුවීමක් පෙන්නුම් කළ ද, සූදානම් කර ඇති අතිරේක බස් රථ 1,500ක ප්‍රමාණය මගී ඉල්ලුම අනුව අද දිනයේත් ධාවනයට එක් කරන බවයි.

අලුත් අවුරුදු උදාවත් සමඟ මේ ලග්න වලට කිරියෙන් පැණියෙන් උතුරයි

අලුත් අවුරුදු උදාවත් සමඟ මේ ලග්න වලට කිරියෙන් පැණියෙන් උතුරයි

එමෙන්ම හෙට (14) දිනයේ නෑගම් යන ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය ඩිපෝ මට්ටමින් අවශ්‍ය බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇති අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද අද සහ හෙට යන දෙදින තුළ මගී අවශ්‍යතාව පරිදි පෞද්ගලික බස් රථ යෙදවීමට කටයුතු කර ඇත.

මේ අතර, මගීන්ගේ අඩුවීම සැලකිල්ලට ගනිමින් අද සහ හෙට යන දෙදින තුළ දුම්රිය ධාවනය ද සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා ප්‍රකාශ කළේ කොළඹ සිට ධාවනය වන සියලුම සීඝ්‍රගාමී, තැපැල් සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන නමුත් මගී ඉල්ලුම අඩු අනෙකුත් දුම්රිය වාර මෙලෙස සීමා කර ඇති බවයි.

අද 1න් පසු සියල්ල උඩු යටිකුරු කරමින් කාලගුණය වෙනස් වෙයි

අද 1න් පසු සියල්ල උඩු යටිකුරු කරමින් කාලගුණය වෙනස් වෙයි

කෙසේ වෙතත්, පොල්ගහවෙල, කොස්ගම, අවිස්සාවේල්ල, පුත්තලම සහ ගාල්ල සිට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.