යුරෝපය පුරා පවතින අධික උෂ්ණත්වය සහ නියඟය හේතුවෙන් ස්පාඤ්ඤය ඇතුලු යුරෝපා රටවල ඔලිව් වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ හේතුවෙන් ඉදිරියේදී ඔලිව් තෙල් හිඟයක් ඇතිවිය හැකි බවයි ස්පාඤ්ඤ ඔලිව් වගාකරුවන් ප්‍රකාශ කර ඇත්තේ.
ගෝලීය ඔලිව් නිෂ්පාදනයෙන් පහෙන් දෙකක සැපයුම්කරුවා වන්නේ ද ස්පාඤ්ඤයයි. මේ වනවිටත් ලොව පුරා ඔලිව් තෙල් මිල සියයට 14 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී ඔලිව් තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.
පසුගිය ජූලි මාසයේදී ස්පාඤ්ඤය, ඉතාලිය, සහ පෘතුගාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා වාර්තාවුණා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |