ඉපැරණි ගොඩනැගිලි ගැන අලුත්ම තීරණයක්..!
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට තීරණය කර තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව ,ස්ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze මහත්මිය ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
අද (05) එම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී පැවැත්වුණි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙරට පෞරාණික ගොඩනැගිලි සුදුසු පරිදි ආයෝජන අවස්ථා සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් සහ ජෝර්ජියානු ආයෝජකයින් වෙත එම ආයෝජන අවස්ථා ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.
කොළඹ "ගෆූර් ගොඩනැගිල්ල" සහ කොළඹ "එයිටි ක්ලබ්" ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සඳහා හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, එම ගොඩනැඟිලිවල ඓතිහාසික පෞරාණිකත්වයට හානි නොවන අයුරින් ඒවා නවීකරණය කරන බවය.
මෙරට බොහෝමයක් පෞරාණික ගොඩනැඟිලි නිසි නඩත්තුවක් නොමැති බැවින් විනාශ මුඛයට යමින් ඇති බවත් ඒවා නවීකරණය කර සුදුසුලෙස ආයෝජන සඳහා යොදා ගැනීමෙන් මෙරටට ආදායම් උපයා ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහස් කර තිබේ.
පසුගිය සමයේදී මෙරට මුහුණදී තිබු ආර්ථික අර්බුද කෙමෙන් විසඳෙමින් පවතින බැවින් ඉදිරියේදී මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරීමට විදේශීය ආයෝජකයින්ගේ සහයෝගය හිමි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසට පළ කරයි.
මෙම ව්‍යාපෘති කඩිනම් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම මෙම වැඩසටහන සඳහා යොදා ගත හැකි තවත් ස්ථාන පිළිබඳව සොයා බලා ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකසන ලෙසද ඇමතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එහිදී නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, රට පුරා පවතින මෙවැනි ස්ථාන පිළිබඳව මේ වන විට තොරතුරු ලබා ගනිමින් පවතින බවත්, එම ස්ථානද ඉදිරියේදී මෙම වැඩසටහන සඳහා යොදා ගත හැකි බවත්ය.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ) ඊ.ඒ.සි. ප්‍රියශාන්ත යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |