තෙල් ප්‍රශ්නය ගැන අලුත්ම ආරංචිය මෙන්න..රටටම සුබ පණිවුඩයක්..

Sri Lanka Oil Norochchole Diesel
By Aruna Mar 06, 2022 01:56 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි දින දෙකක පමණ කාලය තුලදී ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇතැයි ඛණිජ තෙල් සංස්ථාව විශ්වාසය පළ කරනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ දිවයිනට පැමිණ ඇති ඉන්ධන නෞකා දෙකෙන් ඉන්ධන ගොඩබෑම අද දිනයේත් සිදුවන බවයි.

ඔහු වැඩිදුරත් සඳහන් කළේ හෙට සහ අනිද්දා දෙදින තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ළඟාවීමට නියමිත බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන බෙදා හැරීම සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අක්‍රියවී තිබෙන කැළණිතිස්ස තාප බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොග අද දිනයේ ලබාදෙන බවයි ඔහු වැඩිදුරත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now