ඉදිරි ක්‍රියාමාර්ග ගැන 26 වනදා තීරණයක් ගන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ සිය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන 26 වනදා රැස්වන මධ්‍යම කාරක සභාවේදි තීරණයක් ගන්නා බවයි.
තවද විෂය භාර අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි දැක්වූ කරුණු පිළිබද එහිදි දීර්ඝ වැඩි සාකච්ඡා කරන බව සදහන් කර තිබේ.
''මෙවර අයවැය ලේඛණයේ පොදුවේ සෞඛ්‍ය පද්ධතියටත් වෛද්‍යවරුන්ටත් සිදුකර ඇති අසාධාරණය වෙනුවෙන් සාධාරණය ඉල්ලලා විසදුම් ලැබෙන්නේ නැති වෙනකොට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කළා.පැහැදිළිව කියන්න ඕනේ අපි වැඩ වර්ජනයක් කරන්නේ නෑ . වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පමණයි ගන්නේ. අද වෘත්තීය ක්‍රියාමාර්ග වල හත් වෙනි දවස බවට පත් වෙනවා.අපි පැහැදිළිව සදහන් කළේ විසදුම් සදහා කාල රාමුවක් ප්‍රකාශ්‍යට පත් කරන්න කියන්න කාරණය . ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ අයවැය තුන්වෙනි වර කියවීමේදී විසදුම් ප්‍රකාශයට පත් කළා. එම විසදුම් මාලාව හා කාල රාමුවක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක කාරක සභාව හා මධ්‍යම කාරක සභාව සාකච්ජා කිරීමට නියමිතිතයි .ඒ ප්‍රවණතාවය අනුව ඉදිරි තීරණ ප්‍රකාශයට පත් කරනවා.''
ඔහු තව දුරටත් සදහන් කළේ සිය සාමාජිකයන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග හතරක නිරත වී සිටින බවයි .