දැඩි සංචරණ සීමා මැද සේවකයන් කැඳවන්නෙ මෙහෙමයිලු.. සියලු උත්සවත් තහනම්.
පොදු ප්‍රවාහනවලින් ‘කොවිඩ්’ වයිරසය සීඝ්‍රයෙන් බෝවන බව වර්තමාන තත්වය අනුව පැහැදිළි බවත් දැඩි සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රමානුකූලව රට විවෘත කළ හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා ප්‍රධාන පුවත්පතකට පැවසීය.
රට විවෘත කර බස් සහ දුම්රිය ඇතු`ඵ පොදු ප්‍රවාහන සේවය ආරම්භ කර රාජ්‍ය සේවකයන් සියයට 100 ක් එකවර කැඳවුවහොත් පොදු ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවන බව කී මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා ආරම්භයේදී රජයේ සේවකයන්ගෙන් සියයට 25 ක් පමණ කැඳවීම වඩාත් හොඳම පියවර බවත් සඳහන් කළේය.
මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාවත් අඩු වී නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට පෙර තිබූ තත්වයට වඩා වර්තමාන තත්වය ගොඩක් යහපත් වී තිබෙන බවත් දැඩි සෞඛ්‍ය නීති යටතේ සේවකයන් අඩු ප්‍රමාණයක් කැඳවමින් පඵමුවෙන්ම සතියක පමණ කාලයක් දැඩි අවධානය යොමු කරමින් ඉදිරියට යා යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීය.
රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා රට විවෘත කිරීම පිළිබඳව වැඩි දුරටත් මෙසේ පැවසීය.
“රයේ සේවකයන් සියයට 25 ක් පමණ තමයි කැඳවිය යුත්තේ.
සියලු දෙනා එකවර කැඳවුවහොත් බස් සහ දුම්රිය පහසුකම් ප්‍රමාණවත් වෙන්නේ නෑ. පොදු ප්‍රවාහන සේවාවලින් තමයි ප්‍රධාන වශයෙන්ම කොවිඩ් වයිරසය පැතිරෙන්නේ.
නිරෝධායන ඇඳිරිනීතිය පැවැතුණ ද වාහන ගොඩක් මාර්ගවල දැකිය හැකි වුවත් රෝගය පැතිරීම අඩුවෙලා තියෙනවා.
ඒ පෞද්ගලික වාහනවල යන්නේ එක ගෙදර එසේත් නැත්නම් එක පවුලේ සාමාජිකයන් ඒ නිසා පැතිරීමක් නෑ.
රට විවෘත කළත් අපිට සාද, විවාහ උත්සව ඇතුලු පිරිස් රැස්වන දේවල් කරන්න තමව අවස්ථාවක් නෑ.
රට තුළ මේ වන විට එන්නත්කරණය හොඳටම ක්‍රියාත්මක වෙනවා.
තරුණ පිරිසගෙනුත් ඉල්ලන්නේ එන්නත මොකක්ද කියන එක ගැන හිතන්නේ නැතුව එන්නත් දෙකම ලබාගන්න.
ළඟම එන්නත හොඳම එන්නත කියලා එන්නත ලබාගන්න”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
