බිහිසුණු අනතුරක් - ඉන්දීය රෝහලේ හටගත් ගින්නකික් දැඩි සත්කාර ඒකකයේ 10ක් මරුට - පිරිසකට තුවාල
නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රෝහලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර නමුත් එය ගින්නෙන් සිදු වූ හානියක්ද නැතහොත් පෙර තුවාලද යන්න තවමත් පැහැදිලි වී නොමැත.
අද දින (16) අලුයම රෝහලේ කෙටි පරිපථයක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇති බව ප්‍රධාන අමාත්‍ය මොහාන් චරන් මාජි රෝහලට ගිය පසු වාර්තාකරුවන්ට පැවසීය.
අවම වශයෙන් රෝගීන් 23 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔවුන්ගෙන් 10 දෙනෙකු ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.