ඔක්තෝබර් මාසයෙන් පසුව රටට වෙන්න යන දේ ගැන අනතුරු ඇඟවීමක්..හැමෝටම රතු එළියක්.
- වරායේ හිරවුණු කන්ටේනර් 800ක අත්‍යාවශ්‍ය ආහාර
ලංකාවට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වරායෙන් නිදහස් කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉදිරියේදී සමස්ත රට තුළම අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව එම ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසා සිටියේය.
ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 800ක් පමණ මේ වන විටත් වරායේ රඳවා තිබෙන බවත්, එම ආහාර ද්‍රව්‍ය තොග කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය බවත්, එසේ වුවහොත් ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් තරම් ආහාර ද්‍රව්‍ය සැපයිය හැකි බවත් හෙතෙම කියයි.
මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් පත්වීමත් සමග මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියාත්මක වී නිසි විසඳුමක් ලබාදෙනු ඇති බවට තමන්ගේ අපේක්ෂාව බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.
එසේ නැති වුවහොත් ආනයන සියල්ල නවතා දමන බවත් දැනට රටේ පවතින අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් මාසය අවසන් වන තෙක් පමණක් බවත් ආනයනකරුවෝ වැඩිදුරටත් අවධාරණය කරති.
මේ අතර ඔක්තෝබර් 01 සිට බදු සංශෝධනයක් වෙයි තුන්වන පාර්ශ්වයේ (Third Party) රථ වාහන රක්ෂණ මුදලින් මේ දක්වා මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන ලද 1%ක බද්ද 2%ක් දක්වා ඉහළ දමා තිබේ.
2021 ඔක්තෝබර් 01 වැනි දින සිට මෙම බදු සංශෝධනය සිදුකිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (17 වැනිදා) ප්‍රවාහන ඇමැතිවරයා නිකුත් කර ඇත.
මාර්ග ආරක්ෂා අරමුදල මගින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අරමුදල් සපයනු ලබන අතර තුන්වන පාර්ශ්වයේ සියලුම රථ වාහන රක්ෂණ මුදලින් 1% ක මාර්ග ආරක්ෂණ බද්දක් මේ දක්වා අයකරන ලදී.
එම අයකරන බදු මුදල මාසිකව මෙම අරමුදලට අදාළ රක්ෂණ ආයතනය මගින් බැර කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
