සා.පෙළ ප්‍රතිඵල එන්න කලින්ම ප්‍රශ්නයක් වෙයි..උසස් පෙළට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්..

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination Education
By Aruna May 17, 2024 04:50 AM GMT
Aruna

Aruna

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව අධ්‍යාපන විශේෂඥයෝ අවධාරණය කර සිටිනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රථම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ගුරුවරුන් සහ සිසුන් යන දෙපාර්ශවයම දැඩි අපහසුතාවකට පත්වන බවයි ඔවුහු පෙන්වා දෙන්නේ.

සාමාන්‍ය පෙළ ලියූ සියලුම සිසුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්..

සාමාන්‍ය පෙළ ලියූ සියලුම සිසුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්..


ඔවුහු පෙන්වා දෙන්නේ,පාසල්වල දැනටමත් උසස් පෙළ සිසුන් කණ්ඩායම් දෙකක් සිටින අතර තවත් ශිෂ්‍ය කණ්ඩායමක් ඇතුළත් කර ගැනීමට ඉඩකඩ ප්‍රමාණවත් ද යන්නත් ඔවුන්ට ගැන්වීම් කටයුතු කිරීම සඳහා ගුරුවරුන් යොදා ගන්නේ කෙසේද පිළිබඳවත් ප්‍රායෝගික ගැටලු පවතින බවයි.

අධ්‍යාපන විශේෂඥයෝ කියාසිටින්නේ, මීට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර තමන් කැමැති උසස් පෙළ විෂය ධාරාවක් තෝරා ගැනීමට යාමෙන් සිසුන් අපහසුතාවට පත්වන බවයි.

ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දීමට අධ්‍යාපන බලධාරීන් සමත් වන්නේ නම් මෙම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීම පිළිබඳ ගැටලුවක් නොමැති බවයි, මේ පිළිබඳව කළ විමසුමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..


උසස් පෙළ පන්ති නොපවතින පාසල්වල සිසුන්ට අනුයුක්ත පාසල් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළත් එහිදී ද ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් වෙනත් පාසල්වලට ඇතුළත් කර ගැනීමට මැලිකමක් දක්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එහිදී ද ගැටලු රාශියක් ඇතිවිය හැකි බවයි. .

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%