මෙවර සාමාන්‍ය පෙළ විභාගය ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..

Report

සාමාන්‍ය පෙළ විභාගයේ තවත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, මිනුවන්ගොඩ පාසලක විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදුන් බවට චෝදනා එල්ලවී තිබෙන බවයි වාර්තා වන්නේ.

රට පුරා සියලුම තැබෑරුම් සහ සුරාසැල් දීර්ඝකාලීනව වසා දමයි!! මේ කතාවේ ඇත්ත නැත්ත මෙන්න..

රට පුරා සියලුම තැබෑරුම් සහ සුරාසැල් දීර්ඝකාලීනව වසා දමයි!! මේ කතාවේ ඇත්ත නැත්ත මෙන්න..


එමෙන්ම පැමිණිලිකරුවන් චෝදනා කර සිටින්නේ, විශේෂ අවශ්‍යතා සහිත සිසුන් දෙදෙනකුටත් පරීක්ෂකවරුන්ගෙන් බාධා එල්ලවූ බවටයි.

ඊයේ (15) නිමාවට පත්වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් ප්‍රශ්න පත්‍රවල දෝෂ තිබූ බවට සහ විභාග ශාලා කිහිපයක අක්‍රමිකතා සිදුවූ බවට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබුණා.

දිවයින පුරා රාජ්‍ය සේවකයින් පිරිසක් රටටම දැනෙන බලපෑමක් කරන්න යයි..

දිවයින පුරා රාජ්‍ය සේවකයින් පිරිසක් රටටම දැනෙන බලපෑමක් කරන්න යයි..


මෙවන් පසුබිමක මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අල්අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය හා සිතියම කොටස ලබා නොදුන් බවට ද එම සිසුන් විසින් චෝදනා එල්ල කර තිබේ.