රසිකයින් කළඹමින් ලංකාවේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණට හදිසියේ සැත්කමක්
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වම් බයිසෙප්ස් ෆෙමෝරිස් කලවා මාංශ පේශි ආබාධයකට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් සාර්ථකව ශල්‍යකර්මයකට ප්‍රංශයේදී භාජනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහුගේ කළමනාකරු අමිල කළුගලගේ සඳහන් කර ඇත්තේ සැත්කම සාර්ථක වූ බවත් මතීෂ පතිරණ දැන් සුව වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවත්ය.
"මතීෂ වම් බයිසෙප්ස් ෆෙමෝරිස් විවෘත ශල්‍ය කලවා තන්තු අලුත්වැඩියාවකට සාර්ථකව භාජනය වී ඇති අතර දැන් ප්‍රංශයේදී සුවය ලැබීමේ මාවත ආරම්භ කර ඇත. මෙම ක්‍රියාවලිය පුරාම ඔහුගේ යහපැවැත්ම සඳහා දැක්වූ කැපී පෙනෙන සහයෝගය සහ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ කොල්කටා නයිට් රයිඩර්ස් ආයතනයට අපි කෘතඥ වෙනවා,"
එසේම පතිරණ තවදුරටත් ශක්තිමත්ව යළි පැමිණීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත් ඔහු සඳහන් කර ඇත.
"ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරයි, අවධානයෙන් සිටියි, ඉක්මනින්ම ඔහු ආදරය කරන දේ කිරීමට නැවත පැමිණේවි. ඔහු කවදාටත් වඩා ශක්තිමත්ව පිටියට පැමිණෙනු දැකීමට අපි බලාපොරොත්තු වෙමු."
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නෙකු වන පතිරණගේ නැවත පැමිණීම සඳහා කාල රාමුවක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.