අනේ අපොයි නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසන්නේ හැටන්, කොටගල ප්‍රදේශයට ඊයේ (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කොටගල ස්ටොනික්ලිෆ් වතුයායේ ඉහළ කොටසේ වතු නිවසක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.
නිවෙස් හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පස්වරු 6:00ට පමණ පැවති අධික වර්ෂාව හේතුවෙන් නිවසට ඉහළින් වූ ප්‍රධාන මාර්ගයේ ගලාගෙන ආ විශාල ජල පහරත් සමග පස් කන්ද තම නිවසේ නිදන කාමරයක් මතට කඩා වැටුණු බවයි.
වතු පාලන අධිකාරිය විසින් පස් කන්ද කඩා වැටීමෙන් එම නිවසේ සෙසු කාමරවලද බිත්ති ඉරි තලා කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම නිවසේ පදිංචි 05 දෙනෙකු තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවසක නතර කිරිමට පියවර ගෙන ඇත.
පස් කන්ද නිවසට කඩා වැටෙන අවස්ථාවේ එම නිවසේ මහළු කාන්තාවක් පමණක් සිට ඇති අතර, ඇයට කිසිඳු ආපදාවක් සිදුව නොමැති බව වාර්තා වේ.