සීතල නුවරඑළිය රත් කරමින් සිදු වූ බිහිසුණු ඝාතනය

Report

නුවරඑළිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුළ බැංකුගත කිරීමට තිබු රු ලක්ෂ 9කට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කර තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නුවරඑළිය පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

අදාළ ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ නුවරඑළිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ලෝගෙෂ්වරන් නැමති 85 හැවිරිදි අයෙක්, මෙසේ ඝාතනයට ලක්වී ඇත.

මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක් තුළ තිබු රු ලක්ෂ 9කට ආසන්න මුදලක් කිසියම් පිරිසක් රැගෙන ගොස් ඇති බවටයි.

හිටපු ඇමති නිමල් සිරිපාලටත් වැඩේ හරි...කෙදිරි ගෑවෙන්නම කරන්න යන දේ..

හිටපු ඇමති නිමල් සිරිපාලටත් වැඩේ හරි...කෙදිරි ගෑවෙන්නම කරන්න යන දේ..

මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැඳී සිට ඇති බවත්, එම අවස්ථාවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් ඔහුගේ හිසට පහර දී ඝාතනය කර මුදල් රැගෙන ගොස් ඇති බවටත් තොරතුරු හෙළි වී ඇත.

 නුවරඑළිය පොලීසිය සඳහන් කළේ , ඝාතනය සිදු වු අවස්ථාවේ එම ඩිපෝවේ ස්ථානභාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි ඩිපෝව තුළ රැඳී සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඊයේ (05) හවස එම ඩිපෝවේ ධාවනය කළ බස්වල ආදායම බැංකුගත කිරීම සඳහා අල්මාරියේ තබා තිබු බව නුවරඑළිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියාසිටියේය.

ලොකු පැටී ගැන කවුරුත් නොසිතූ අනාවරණයක්..

ලොකු පැටී ගැන කවුරුත් නොසිතූ අනාවරණයක්..

………………………………………………………………………………………………

You may like this video 👇