නුවර එලියේ වසන්ත සැණකෙළිය අතර සිදුවු අත් පා හරඹය..
By Sithumi
නුවරඑළිය වසන්ත සැණෙකෙළිය අතර තුර පැවති රාත්‍රී සාදයකදී ඇති වූ ගුටි කෙළියක් අතරතුර එය බේරීමට ගිය අයි පී වරයෙකු පහර කා රෝහල් ගත කළ සිද්ධියක් නුවරඑළිය පොලිසියෙන් වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් සැකපිට කොළඹ සරසවියේ නීති පීඨයේ ඉගෙනුම ලබන 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑ පොලිස් නිලධාරියා මේ වන විට නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව නුවරඑළිය පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටියා