දුරකථන අංක හේතුවෙන් හෙදියන් අසහනයට පත් වෙයි(VIDEO)...මහා අකරතැබ්බයක්.

Covid Media Nursing Colombo hospital
By Aruna Jun 08, 2021 09:10 AM GMT
Aruna

Aruna

Report

 වෛද්‍ය සායනවල දුරකථන අංකයන් වෙනුවට එම සායනවල රාජකාරි කටයුතු කරන හෙදියන්ගේ පෞද්ගලික දුරකථන අංක මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමේ පුවතක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තාවේ.

මේ හේතුවෙන් එම හෙදියන්ගේ පෞද්ගලික දුරකථන පිළිබඳ විස්තර අසමින් නිරන්තරයෙන්ම බාහිර පුද්ගලයන්ගෙන් දුරකථන ඇමතුම් ලැබෙන බැවින් මහත් අසහනයකට පත්ව ඇතැයි එම හෙදියෝ සඳහන් කරති.

මෙම හෙද නිලධාරිනියන්ට දිනකට දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබීම හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් හෝ නිසි පරිදි කරගැනීමට නොහැකි වී ඇතැයිද වාර්තාවේ.

තමන්ට සිදුව ඇති අසාධාරණය හේතුවෙන් ඇතැම් හෙද නිලධාරිනියන් මානව හිමිකම් කොමිසම වෙත වාර්තා කිරීමටද අදහස් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දුරකථන අංකයන් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර ඇත්තේ කිසියම් අත්වැරැද්දක් හේතුවෙන් විය හැකි යැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය‍.

මේ අතර රටේ පවතින තත්ත්වය හමුවේ අසරණ වූ කාන්තාවකගේ අදෝනාව පහත වීඩියෝවෙන් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now