නව හෙද ශිෂ්‍ය බඳවා ගැනීමකට දිනයක් නියමයි
සිසු හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කොළඹ, කළුතර, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අදාළව අනිද්දා (20) සහ 21 දිනවල කොළඹ 10, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.
මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාළ සිසු හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 සහ 2025/09/21 දිනවල මහනුවර හෙද විදුහලේ දී පැවැත්වේ.
මෙම සම්මුඛ පරීක්ෂණවලට පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් දැනුම් දුන් පුද්ගලයන් පමණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.