මාලිමාවේ මන්ත්‍රීගේ රථය පාර්ලිමේන්තු පොකුණට වැටී අනතුරක.
By Wayomi
ඊයේ (26) සවස ජාතික ජන බලවේගයේ මහලේකම් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ මෝටර් රථය පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී අනතුරක් ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් අනතුරට ලක්වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා රථයේ නොසිටි බව පොලීසිය පවසන්නේ.
නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගී වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා රියදුරු පැමිණි අවස්ථාවේදී මෝටර් රථය ජල පොකුණට වැටී ඇත.