මාලිමා ආණ්ඩුවෙන් වැඩිම රජයේ සේවකයන් අද බදවා ගැනේ....

Report

වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තු සහකාර (තුන්වන) iii වන ශ්‍රේණියට බදවා ගැනීමේ පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවය අද(13) පැවැත්වුණා. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ පැවති වැඩසටහන සදහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර් උඩුවාවල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ යන මහත්වරුන් එක් වුණා.

පොහොට්ටුව ජයග්‍රහණය කරයි

පොහොට්ටුව ජයග්‍රහණය කරයි

බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් 100,000ක් බදවා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ බදවා ගත් පිරිසෙන් දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන අභ්‍යාසලාභීන් 3451ක පිරිසකටයි මෙලෙස විදුලි වැට නඩත්තු සේවකයින් ලෙස ස්ථිර පත්වීම් හිමි වුණේ.

වසර ගණනාවක් පුරා ස්ථිර පත්වීම් නොලැබී තිබු මෙම සේවකයින්ගේ ගැටලුවට වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරව නිසි අධීක්ෂණයක් සහ කඩිනම් වැඩපිළිවෙලක් යටතේ විසදුම් ලබා දීමට සමත් වී තිබෙනවා.

සංකේතාත්මකව ස්ථිර පත්වීම් ලාභින් 50 දෙනෙකු පරිසර අමාත්‍යවරයා අතින් අද පත්වීම් ලබා දුන් අතර උත්සව සභාව අමතමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසුවේ ” වර්තමාන රජය යටතේ වැඩිම පිරිසකට එකවර පත්වීම් ලබාදුන් පළමු අවස්ථාව මෙය වන බවත් ජාතික ගැටලුවක් බවට පත්ව තිබෙන අලිමිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබනන්ගෙන් ඉහල දායකත්වයක් අවශ්‍ය බවයි” අලි මිනිස් ගැටුම කළමනාකරණය වෙනුවෙන් වර්තමාන රජය සුවිශේෂී දායකත්වයක් සහ මැදිහත්වීමක් සිදු කරන අතර මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර තිබෙනවා.

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

එය කිලෝමීටර් 5644ක් පුරා විහිදී පවතින අතර විදුලි වැට බලගැන්වීමේ කුටි 647ක් ක්‍රීයාත්මකයි.

ඒ අනුව අද දින ස්ථිර පත්වීම්ලාභින් කාර්යක්ෂමව විදුලි වැට නඩත්තුව සදහා ඉදිරියේදි යොදාගනු ඇති. උත්සව සභාව අමතමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අවධාරණය කර සිටියේ “ස්ථිර පත්වීම් ලබා අද දිනයේ රජයේ සේවයට එක්වන පිරිසට අලි වැට නඩත්තුව පමණක් නොව සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන බවයි”.

පරිසර අමාත්‍යාංශය

මාධ්‍ය ඒ්කකය